top of page

ජීවිතය දිනන්න අත්හරින්න එපා....

  • Writer: Dotgraphic Life Team
    Dotgraphic Life Team
  • May 20, 2020
  • 2 min read

ree


ජීවිතය කියන්නෙ සුන්දරත්වය පිරුණු රෝසමල් යහනාවක් නම් නෙවෙයි. මේ ජීවිත ගමනන්දී අපට ලෙහෙසියෙන් ගමන් කළ හැකි බිම් තීරයන් වගේම, ගමන් කරන්නට අපහසු ගිරි දුර්ගත් හමු වෙනවා. ඔබත් ඔබේ හීන බලාපොරොත්තු වෙනුවෙන් කොයිතරම් කැප වුණත් යහළුවන්, නෑදෑයන් අහද්දදී ඔබට කිසිවක් පෙන්වන්න නැත්නම් ඔබ කඩන් වැටෙයි. ඔබේ ජීවිතයට ප‍්‍රශන්ය පැමණයිි. දිගින් දිගටම ප‍්‍රශ්න පැමිනණයි. ඒත් ඔබ ඒ වැටීම් වලින් තවත් ශක්තිමත් වෙලා ඔබේ හීන වෙනුවෙන් කැපවෙන්න. තමන්නේ ජීවිතයට වටිනාකමක් එකතු කරන්න පුළුවන් තමන්ටමයි. එයටයි අපි උත්සාහ කළ යුත්නත්. ඔබ ඔබේ හීන වෙනුනවන් කැපවෙද්දදි ඔබ එක පාරක් නෙමෙයි සිය දහස්වරක් කඩන් වැටේවි. විඳවන්න වෙයි. ඒත් ඔබේ ජයග‍්‍රහණය වෙනුවෙන් එම පරාජයන් ජයග‍්‍රහණය කරන්න ඕනේ ඔබමයි. කන්දක් නගින අපිට පල්මෙක් හමුවෙනවා. ඒ වනේමයි අනේ ජීවිතයත් . වර්තමානනේ ගොඩක් දෙනනක්ට අභිියෝග බාර ගන්න පුළුවන් තරම් ආත්මශක්තියක් නැහැ. අභියෝගයක් ආ පමණින් පරාජය බාර ගන්නවා එම අභියෝගය භාර ගනිමින් ශෝකයෙන් වැලපෙනවා.

සියල්ල එක්ක සටන් කරන්න ඔබේ උත්සාහය කිසිදු මොහොතක අත්හරින්න එපා. ඔබ කතාවක් අහල ඇති සෑම වැහි වළාකුලකටම පස්සේ ලස්සන දේදදුන්නක් පායනවාමයි. අන්න ඒ වගේ ඔබේ ජීවිතෙත් නරකම කාලේ ගෙවිලා ගිහින් ලස්සනම ලස්සන කාලයක් උදා වෙනවා නියතයි. ඒ මොහොත වෙනකම් ඔබේ උත්සාහය කිසිම මොහොතක අත්හරින්න එපා. පටන් ගත්ත කිසිම වැඩක් මගින් නවත්තන්න එපා. පටන් ගත්ත වැඬේ අවසානයක් දකිනකහම් ඒ වැඬේ කරගෙන යන්න. මේ ලෝකේ දුප්පත් පොහොසත් කියල කොටස් දෙකකට බෙදෙල තියෙන්නෙ එකිනෙකාගේ හැකියාවන් මත මිසක් හැමදේම ලැබීම මත නෙමෙයි. හැමදේම ජීවිතයට ළඟා කරගත්ත මිනිස්සු ඒ දේවල් නිකන් ඉදලා ලබා ගත්තු අය නෙවෙයිි. ඒ නිසා වැටෙන හැම වෙලාවකම අත්හරින්න හිතෙන හැම වෙලාවකම පරාජිතයෙක් නොවී ශක්තිවන්තනයක් වෙන්න. ඔබ අත්හරිනකන් ඔබව පරාජය කරන්න මේ ලෝකෙ කිසිම කෙනෙකුට බැහැ. මග අසීරුයි කියා මැසිවිලි නොනගා නොබියව ඉදිරියට යන්න. සාර්ථකත්වය ඔබ ළඟමයි.

යශෝධා කැටිපෙ ආරච්චි.


#DotGraphicLife #Visitors_Post_01 ©️ #DotGraphic @ Yashodha Ketipe Arachchi Like කරන්න ඔබේ අදහස් පහලින් comment කරන්න තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න Dot Graphic Life ජීවිතේ හරියට design කරගන්න Follow කරන්න site එක - https://dotgraphiclife.wixsite.com/dotgraphiclife Like කරන්න අපේ Facebook page එක - https://www.facebook.com/dotgraphiclife/

 
 
 

Comments


Join our mailing list

Thanks for submitting!

© by Aseemanthika Media House 2020

bottom of page