කොරෝනාවට යට නොවූ අපේ මනුස්සකම
- Dotgraphic Life Team
- May 19, 2020
- 3 min read

ශ‍්‍රී ලංකිකයන් යනු ප‍්‍රෘඪ ඉතිහාසයක් හිමි කෘෂිකාර්මික, ආහාර, වෛද්‍ය සංස්කෘතියක් හිමි ජන කණ්ඩායමකි. අනෙකුත් රටවල් වලව සාපේක්ෂව උණුවෙන හදවතක් හිමි සුහදත්වයෙන් එකිනෙකාට උදව් උපකාර කර ගන්නා උතුම් ජන පිරිසකි. අතීත ලාංකිකයෝ කොස් ගෙඩියක්, බතක්, මාළුවක් හැදුවද අසල්වැසියන් සමග හුවමාරු කර ගනිමින් සුහදත්වය රෝපණය කර ගත්හ. ලෙඩට දුකට පිහිට විය. පරාර්ථකාමී සිතුවිලි වලින් අනෙකාගේ යහපත වෙනුවෙන් පෙනී සිටියි. එම අතීත ලාංකිකයන්ගේ අභාෂය කොරෝනාවත් සමග නැවතත් අපේ වර්තමාන ලාංකිකයන් හමුවට පැමිණි බව පැහැදිලි වේ. කොරා්නාව සමස්ත ලෝකයම ගිල ගත් සැගවුණු මාරයෙක් බවට පත් ව ඇත. දහස් ගණන් මනුෂ්‍යයය වර්ගයාගේ පරිහාණියට මෙම රෝග වාහකයාට හැකියාව ලැබී ඇත. කොරෝනාවට අපගේ ඉරණම තීරණය කරන තත්වයට පත්ව ඇත. නමුත් අපගේ උතුම් මාතෘ භූමිය අනෙකත් රටවල් වලට සාපේක්ෂව මෙම උවදුර පාලනය කළ හැකි මට්ටමකින් සිටී. එයට හේතු වන්නේ සමස්ත ශ‍්‍රී ලාංකිකයවන් සතු මනුෂ්‍යත්වයය.ි
විශේෂයෙන් මෙම උවදුර මැඩලීමට විශාල පිරිසක් ජීවිතයද අවධානයට තබමින් මිනිසුන් වෙනුවෙන් පෙනී සිටී. මනුෂ්‍ය ජීවිත බේරා ගැනීමේ අඛණ්ඩ මෙහෙයුමක නිරත වේ. දෙවිවරුන් වන් වෛද්‍යවරුන්, හෙදියන් සෞඛ්‍ය අංශයන් මිනිස් ජීවිත බේරා ගනිමින් දිවි හිමියෙන් කටයුතු කරනු ලබයි. ලොව උතුම්ම මානූෂීය හමුදාව ලෙස නම් දරා ඇත්තේ ඔවුන් සතු මනුෂ්‍යත්වයයි . ඔවුන් දිවි පරදුවට තබමින් කොරෝනා නම් සතුරාගෙන් ලාංකිකයන් බෙරා ගැනීමට උත්සහ ගනිති . ශ‍්‍රී ලාංකික පොලිසියද සිදු කරන්නේ සුලූ පටු සේවයන් නොවේ. ඔවුන් ජනතාවගේ අරක්ෂාව වෙනුවෙන් දිවා රූ නොතකා වෙහෙසේ. මුඛ ආරක්ෂිත පලදන ලෙසත් මීටරයක දුරස්ථ බව තබා ගන්නා ලෙසත් වරින් වර අවවාද ලබා දෙ.් ඇදිරි නීති සමයේ මහ මග ජනතාව ගැවසෙනවාද යන්න පරීක්ෂාකාරීව සිටී. නමුත් ඔවුන්ට අපට මෙන් නිවෙස් තුළට වී සිටිමට නොහැකිය. ඔවුන් පෙනී සිටින්නේ ජනතාවගේ පොදු යහපත වෙනුවෙනි. සමස්ත සමාජය සුරක්ෂිත කිරීම වෙනුවෙන.ි රජය සෞඛ්‍ය අංශ, මාධ්‍යවේදීන් ඔවුන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කරය.ි එපමණක් නොව මෙම ජාතික උවදුර මැඩලීමට විශාල පරාර්ථකාමී මානුෂීය මෙහෙවරක් සිදු කරන පිරිසකගේ දායකත්වය මේ පසු පස පවති.
දින ගණනක ඇදිරි නීතිය නිසාවෙන් බොහෝ පිරිස් අර්බුදයකට ලක්ව ඇති බව පැහැදිලි වේ. විශේෂයෙන් එදිනදා කුලී වැඩක් කරමින් ජීවිකාව ගත කරන පුද්ගලයන්ගේ දරු පවුල බඩගින්නේය. ගොවියාට තම අස්වනු විකුණා ගත නොහැකිව මහත් අර්බුධයකට ලක් වී ඇත. ඔවුන්ගේ ජීවිත අවිනිශ්චිතය. එවැනි අසරණ වූ ජීවිත වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් මෙම රෝගයත් සමග එකිනාගේ උපකාරයන් වෙනුවෙන් සිටියහ. අනෙකාගේ කුසගින්න නිවීමට ඇති හැකි අය ඉදිරිපත් විය. දෙවිවරුන් වන් සත්පුරුෂ ගති ඇත්තෝ අනෙකාගේ දුකේදී පිහිට විය. ඇතැම් පුද්ගලයන්ගේ සත් කි‍්‍රයාවන් සමාජ මාධ්‍ය තුළ ප‍්‍රචාරය විය . අපගේ ලාංකිකයන්ගේ උණුවන, කකියන සංවේදී හදවත් දුටුු විට සිතට දැනෙන්නේ මහත් සතුටක.ි ඇතැම් සිදුවීම් නෙතට කදුලක් වැටෙන තරමටම සංවේදීය.
අතේ ඇති සොච්චම් මුදල ගෙන කඩපලට ගිය පුද්ගලයෙකුට අසල සිටි බඩු මිලදී ගැනීමට පැම්ණි පිරිස් ඔහුට අවශ්‍ය භාණ්ඩ ලබා දෙමින් මුදල්ද පරිත්‍යාග කළ බව සමාජ මාධ්‍යන්හි දක්වන ලදී. අපි අනෙකා ගැන හිතන ජාතියක,් අනුගේ දුක දැක අහක බලන් ඉන්නට බැරි ජාතියක් . ආඩම්බරයි අපේ මිනිසුගේ මනුස්සකම ගැන. ටයි කෝටි දමා ඔන්ලයින් සර්විස් මගින් ගිණි ගණනට බඩු විකුණන ආත්මාර්ථකාමින් අතර සරම බැනියම ඇද ගත් දුපපත් මිනිසුන් ලොකු ලොරියක නැග කොස්, පොලාස් නොමිලේ බෙදා දේ දුක හදුනන මිනිසා අනෙකා වෙනුවෙන් ඇති හැකි පමණින් පෙනී සිටී තිස්සමහාරාමයේ තරුණයෙකු එළවළු දන්සලක් පවත්වමින් මිනිසුන්ගේ කුස ගින්න සංසිදුවන ලදී. ඇතැම්හු විශාල බඩු මලූ එළවළු මලූ රුගෙන දුප්පතාගේ පැල් කොටයට ගොස් ඔවුන්ගේ දුක සැප බැලූහ. ඇතැම් තරුණ කණ්ඩායම් අනෙකුත් පිරිස් සමග එක්ව ? දවල් නොතකා මුඛ ආවරණ මසා මිනිසුන්ට පරිත්‍යාග කරන ලදී පරිත්‍යාගය උතුම් මානූෂීය ගුණාංගයක් කර ගත් අපේ ලාංකිකයන් මුලූ ලෝකයටම ආදර්ශයක.ි ජාති ආගම් භේද නොසලා සිංහල, මුස්ලිම් ,දමිල ලෙස නොබෙදෙමින් එකා මෙන් අනිකාගේ දුක වෙනුවෙන් පෙනී සිටියහ මුස්ලිම් පිරිස් බඩු මලූ රැුගෙන අසරණ ලාංකික, සිංහල, දමිල මිනිසුන්ගේ බඩගින්න නිවූහ.
සියල්ලෝම ශ‍්‍රී ලාංකිකකයෝය. ඔවුන් සැමට දැනෙන්නේ එකම බඩගින්නය, එකම දුකය. ජාති ආගම් වර්ගවාදී ලෙස නොබෙදෙමින් එකා මෙන්ම එක්ව අපගේ ලාංකිකයෝ මනුෂ්‍යත්වය ,ආදරය රෝපණය කළෝය. සමහර ගොවීහු තම අස්වැන්නෙන් කොටසක් පාර අයිනෙන් තබා තමන්ට හැකි අයුරෙන් තිබෙන දේ පරිත්‍යාග කළහ. 225 න් දෙදෙනෙකු ජනතාවගේ දුක හදුනා ගනිමින් දේශපාලනය පසෙක ලා මානූෂිය අන්දමින් උපකාර කිරීම ප‍්‍රශංසනීයය. ඇතැම් පිරිස් සතුන්ගේ කුස ගින්න නිවීමට ආහාර පිසූහ. කොරෝනාව අපට නැවතත් බෙදා හදා ගැනීමේ සංස්කෘතිය පුරුදු කළේය. අනෙකාගේ දුක වෙනුවෙන් , අනෙකාගේ බඩගින්න වෙනුවෙන් ඇසට කදුලක් උනන මානූෂ්‍යත්වයක් බිහි විය. අප සෞඛ්‍ය අංශ, රජය විසින් ලබා දෙන උපදෙස් නිසි අයුරින් පිළිපදිමින් පවතින අර්බුධය වටහා ගනිමින් පරාර්ථකාමීත්වයෙන් යුතුව ක‍්‍රියා කළහොත් මෙම අර්බුධය මැඩපැවැත්විය හැකි බව නොඅනුමානය. කොරෝනාවට අපගේ මනුෂ්‍යත්වය යටපත් කිරීමට ඉඩ නොදී මෙම ව්‍යවසනය පරාද කිරීමට අපගේ සහයෝගය ලබා දෙමු.
රාජිනී නිසංසලා
Like කරන්න
ඔබේ අදහස් පහලින් comment කරන්න
තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
Like කරන්න අපේ Facebook page එක -
Comments