ශ්‍රී ලාංකිය නව්‍ය සංගීත නිර්මාණකරුවන්ගේ පුනරාගමනය
- Dotgraphic Life Team
- May 20, 2020
- 4 min read

ශ්‍රී ලාංකිය නව්‍ය සංගීත නිර්මාණකරුවන්ගේ පුනරාගමනය
”ගීත යනු අපේ ජීවිතේ විවධ වූ අත්දැකීම්” යනුවෙන් වරෙක කෙනෙක් පැවසුවහොත් එයට එක`ග නොවී සිටීමට නොහැකිය. මන්දයත් ගීත සාහිත්‍ය ගතහොත් එය සුපෝෂීත වී තිබෙනුයේ පද රචකයා වි`දි අත්දැකීම් මතින් බව මොනවට පැහැදිලි වේ. ගීතය ජීවිතය හා සමානයි යනුවෙන් බොහෝ අවස්ථා වලදී බොහෝ දෙනා පවසනුයේ ගීතය තුළින් අත්දැකීම් ධ්වනිත වන බැවින් යැයි පැවසිය හැක. ගීත මගින් විෂද වන දුක, වේදනාව, සතුට, සැනසුම යන මෙවැනි සෑම හැ`ගීමක් දනවන බැවින් ගීත තුළින් මිනිසාගේ ජීවිතය ප්‍රකාශ කරනු ලබන බවද කිව හැකිය, ගීතය ජීවිතය යන වදන් දෙක එක ළගට කර තැබූ විට එතරම්ම ගැලපීමක් එහි දක්නට නොලැබුණත් ප්‍රායෝගික ව බලන කල ඒ දෙකෙහි අවියෝජනීය සබ`දතාවක් ඇති බව ගම්‍ය වේ. එයට හේතුව මිනිසුන් ගීතයේ හා ජීවිතයේ ප්රස්තුත දෙකෙහි සමීපතාවක් ඇති බව පැහැදිලිය. එයට හේතුව මිනිසුන් ජාත, ආගම්, කුල භේදය නොමැතිව විශ්වීය ලෙස එකට බැදී සිටින නිසාත් මෙම ගීත රචනය සිදු කරන්නේ්ත් එකම ලෙස ජීවත් වන මිනිසෙකු නිසාත්ය.
ගීයක නාද මාධූර්යය සවනට වැකෙන මොහොතේ සිට ගීතයේ විචිත්රත්වය රසිකයාගේ මනෝභාවයන් ප්රබෝධයට පත් කරයි. එබැවින් එම ගීත සහෘද මනසේ රසය ජනනය කරයි. ගීතය සාහිත්‍යයෙත්, සංගීතයෙන් සුසංයෝගයකි. සිංහලයෙහි ගේය පද ලෙස හදුන්වන ගිත සාහිත්‍ය පාලියේදී ගීත සංස්කෘතියේදී ගී, ගාන, ගීත, ගේය යන නම් වලින්ද හැදින්වේ . ”ගීත ඉති ගීතම්”( ගයනුයේ් ගීතයයි* පද රචනයක් ගිතයක් බවට පත් කරන්නට තම නිර්මාණයෙහි ප්‍රතිභාව ඇති සංගීතඥයෙකු සිටිය යුතුමය. ගේය පද රචකයා තම අත්දැකීම් තුළින් පද සරසා ගීතයක් නිර්මාණය කරන සේම සංගීතඥයා ස්වර හසුරවා මධුර මෙන් ම අරුත්බර තනුවක් නිර්මාණය කරයි. එහිදී පද රචකයා විදි අත්දැකිම සහෘදයාට ද විදිය හැකි වේ.
නමුත් වර්තමානයේ නූතන ගීතය කොයිබටද? යන කාරණය පිළිබද අවධානය යොමු කිරීමේදී නවක ගායක, ගායිකාවන්, පද රචකයන් ගේ නිර්මාණශීලීත්වය බිංදුවට වැටී ඇත. අ`ඩා වැලපෙන මල් සිංදු යාතිකාවන් මෙන් ගායනා කරමින් ඔවුන් ප්‍රසිද්ධිය නිර්මාණය කර ගනී. නමුත් එම ගීතයන්හි මතුපිටද අභ්‍යන්තරයේද ගත යුත්තක් නොමැත. පරාජිත වූ පේ‍්‍රමයක හ`ඩාවැළපෙන පේ‍්‍රමවන්තයන් භූමිකා ගත වෙමින් කිසිදු ගැළපීමක් නොමැති බාල රූප රචනයන් මාර්ගයෙන් ගොඩ යෑමට උත්සහ ගනී. නමුත් ඔවුන් අතරින් නූතන ගීතයේ හැරවුම් ලක්ෂයන් බදු හදවතට කතා කරන ගීත කලාවක් නිර්මාණය කිරීමට වෙර දරන නවක නිර්මාණ ශිල්පීන් පිරිසක් ද මේ අතර දැකගත හැකිය. මෙය ඔවුන්ගේ ගුණ ගායනා කරනු වස් ලියවෙන සටහනකකි. අගය තළ යුත්තන් අගය කල යුතුමය. ඔවුන්ගේ දක්ෂතාවය අගය කළ යුතුමය. මඩ ගොහොරු තූළ සුපිපෙන සුන්දර නෙළුම් මල් මෙන් සුව`ද විහිදුවමින් ලාංකික ගීතය නව මානයකට රුගෙන යන අයුරු ඔවුනගෙන් දැකගත හැකිය. රැුල්ලට යන සොහොන් ගී අතර ආදරය නැමැති හැ`ගීම දැනවීමට යොදා ගන්නාවූ නිර්මාණාත්මක වූ ව්‍යංගාර්ථය දනවන බස් වහර ප්‍රශංසනීයය. නව පරපුර තුළ හරසුන් නිර්මාණ කරුවන් අතර මෙවැනි වූ දක්ෂ සංගීත නිර්මාණයන් බිහිවීම තුළීන් ආදරය නම් වූ උත්තරීතර හැ`ගීමේ අර්ථය වටහා ගත හැකි වූ තරුණ පරපුරක් බිහිවනුු නොඅනුමානය. රාගය මූලික කර ගත් නිරුවත අංක එක කර ගත් ගීත රූප රචනයන්ගෙන් ඔබ්බට ගියා වූ සංයමයෙන් යුතු පේ‍්‍රමයක ආදරය ශූංගාරය ව්‍යංගර්ථවත් අයුරින් නිරූපණය කිරීමට උත්සහ ගැනීම සුවිශේෂිත්වයකි. මගෙ සුදු බෝලෙ,් යන්න යනවනම්, වහ, ආසයි පවසන්න, මැණික් කැටේ, සුදු කෙල්ලේ වැනි ජුගුපසාජනක ගීත තේමාවන් වර්තමාන තාරුණ්‍ය වැළදගෙන ඇත. යූ ටියුබ්හි ටේරන්ඩින් ඒමට තරම් මෙම නිර්මාණ තූළ ඇති ගුණාත්මකභාවය කොතැනතද යන්න ප්‍රශ්නාර්ථයකි.
ගීතය නම් වූ ආත්ම ගත බැදීමක් නිර්මාණය කරගන්නා කලා මාධ්‍යයට සාධාරණයක් ඉටු කිරීමට නව්‍ය නිර්මාණකරුවන් පිරිසකගේ පුනරාගමනය ලාංකික සංගීතය නව මානයකට රැුගෙන යාමක් බව කිසිදු පැකිලීමකින් තොරව කිව හැකිය. සංසාරිණි, ශාරදා , රාධාවනි , සදනාරී, ප්‍රාතිහාරී , කුවේණියේ පන්දම, ස`දගනාව, මන්දෝදරී ,කෛලාශීණි, තමරසා, දැනෙනා තුරු මා, කාලි , අදුරේ ගිලි වැනි ගීත නිර්මාණයන් රසවිදීම තුළින් සහෘදයන් වෙනම ලෝකයකට රැුගෙන යන බව නම් නොඅනුමානය. ආදරය වස්තු විෂය කොට ගත් වූ මෙම සියලූ නිර්මාණයන් තූළ
1 අර්ථ පූර්ණ වූ නිර්මාණශිලී ව්‍යංගර්ථවත් බස් වහරක් 2 නිර්මාණශිලි උසස් පද රචනයක් 3 හැගීම් නිරූපිත වූ සංයමයෙන් යුතු රූප රචනාවක් 4 හදවතට දැනෙන තනු නිර්මාණය 5 සාර්ථක කලා අධ්‍යක්ෂණයක්
මෙම ගීත නිර්මාණයන් අධ්‍යනය කිරීමේදී පැහැදිලි වේ. විසිරුණු සිත් එක් තැන් කිරීමට, හිමි වීම් අහිමි වීම් සංහමයෙන් යුතුව දරා ගන්නා ප්‍රේමවන්තයන් ,අදරය යනු රාගයම නොවන බව දැනවීමට, හදවත තූළ කැලතෙන ආදරණිය වූ හැගීම් නැවත පණ ගැන්වීමට මෙවැනි ගීතයන් තුළින් ගත් උත්සහය අති සාර්ථක වී ඇත. බොලද ප්‍රේමවන්තයන්, බොල`ද සහෘදයන්ගෙන් තොර වූ නිර්මාණශීලි රසික පිරිසක් මෙම නවක පරපුරේ ගීත නිර්මාපයකයන් සමග එක් රොක් වී ඇති අයුරු ඔවුන්ගේ ප්රතිචාරයන් අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ.
සදේ මා කෙසේ කියන්නම් හිතේ තියන ඒ ආදරේ මා මන් මත් කෙරුවා කියා... ඔබ දුටු දා ... නෙතේ වේදනා නිවෙන්නේ ඔබේ රුව නිසා හිත පා වෙලා දුර ගියා.... සංසාරිණි මගේ ‐ නන්නාදුනන්නියේ මා මවනා හීනයේ ‐ ඔබ ඉන්නවා වගේ ...
මෙය සංසාරණි ගීතයේ පද රචනාවෙන් කොටසකි. මෙහි භාෂා රටාව නිර්මාණශීලිත්වය ව්‍යංගර්ථවත් බව, හැගීම් උද්දීපනය අති සාර්ථකය. නාදුනන පේ‍්‍රමයකට පෙම් කරන්නාවූ පේ‍්‍රමවන්තයෙකු ආදරය නැමැති හැ`ගීම සංයමයෙන් යුතුව විදින අයුරු මෙම ගීතය තූලින් නිරූපිතය. මෙම ගීතය පමණක් නොව කුවේනියේ, ශාරදා, රාධාවනි වැනි අතිසාර්ථක ගීත නිර්මාණයන් භාවනාවක් වැනිය. ආදරයෙන් රාගයෙන් විකල් වූ සිත් සුවපත් කරන ඔසුවක් වැනි මෙවැනි ගී්ත නිර්මාණයන් ශ්‍රී ලාංකික නිර්මාණාත්මක සංගීත ක්ෂේ්රත්ය ඉහළට ඔසවා තබන බව නොඅනුමානය. විශේෂයෙන් අසභ්‍යත්වයෙන් තොර වූ විනයගරුක බව නිරූපණය කරන පේ‍්‍රමවන්තයන්, පේ්රමවන්තියන්යේ අව්‍යාජ වූ හැගීම් නිරූපණය ගීතයට සුවිසල් අර්ථවත් බවක් ලබා දීමට සමත් වේ. අගය කළ යුත්තන් අගය කළ යුතුමයි. මෙවැනි නිර්මාණකරුවන් රටකට අත්‍යවශ්‍යයි. ගීතයේ අනාගතය රදා පවතින්නේ ඔවුන් අතෙහිය. වාණිජ පරමාර්ථ ඉටු කරගැනීමට පමණක් දගලන ගීත නිර්මාණකරුවන්ගේ නිර්මාණයන් සැනෙකින් ජනප්‍රිය වී සැනෙකින් පිලූණු වී යයි. නමුත් මෙම නිර්මාණශිලී නුතන නීර්මාණකරුන්ගේ නිර්මාණයන් සැනෙකින් මැකි නොයයි. එම නිර්මාණයන් හදවතෙහි තැන්පත් වෙමින් සදා අමරණිය වනු ඇත. මෙවන් වූ අර්ථවත් ගීත නිර්මාණ ඉදිරියටත් නිර්මාණය කරමින් ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්රය පෝෂණය කිරීමට නවක නිර්මාණකරුවන් හට හැකි වේවා යැයි අපගේ එකම බලාපොරොත්තුවයි.
නිසංසලා දිසානායක
Like කරන්න ඔබේ අදහස් පහලින් comment කරන්න තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life ජීවිතේ හරියට design කරගන්න Follow කරන්න site එක - https://dotgraphiclife.wixsite.com/dotgraphiclife Like කරන්න අපේ Facebook page එක - https://www.facebook.com/dotgraphiclife/
Comments