ටෙලි රැල්ල හා ප්‍රේක්ෂකයන්
- Dotgraphic Life Team
- May 19, 2020
- 2 min read

අතීතයේ දී රූපපෙට්ටිය ලෙස හැදින්වූ රූපවාහිනිය මිලදී ගැනීමට වත්කම තිබුණේ සීමිත පිරිසකට පමණි. ඇතැම් විට ගමටම එක රූපවාහිනීයක් පමණක් තිබුණි. රූපවාහිනී වැඩසටහන් නැරඹීමට ගමේ සිටින පිරිස් කඩමණ්ඩියට හෝ රූපවාහිනීය තිබෙන නිවසට රැස් වූහ.
නමුත් එම යුගය අවසන්ව වර්තමානයේ සෑම නිවසකම පාහේ රූප පෙට්ටියක් ඇත. පැල්පතේ සිට මහා මන්දිරය දක්වා එය ව්‍යාප්ත වී තිබේ. වර්තමාන රූපවාහිනී වැඩසටහන් අතර වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි වී ඇත්තේ ටෙලිනාට්‍ය වලටය. සෑම රූපවාහිනී නාලිකාවක්ම මෙම ප්‍රේක්ෂක රුචිකත්වය හදුනා ගනිමින් අනිත් නාලිකාවන් සමග තරගකාරීත්වයක නිරතව සිටියි. මිනිසුන්ද ඒවාට ඇබ්බැහි වී ඇත්තේ නොදැනුවත්වමය. රාත්‍රි ආහාරය නොගත්තත් දිනපතා නරඹන ටෙලි කතා මාලාව නැරඹීමට නම් ඔවුන් අමතක කරන්නේ නැත. සෑම නිවසකම පිරිස් රෑ බෝ වන විට රූපවාහිනිය අභියස පුටු තබා රොක් වන්නේ අද කතාවේ කුමක් සිදු වේදැයි කුතුහලය පුරවා ගනිමිනි. සමහර රූපවාහිනී නාලිකා ජනප්‍රිය වීමට එකම හේතුව විකාශය කරන ටෙලි රැල්ලයි. ප්‍රේක්ෂකයන් ද එය තර්කයකින් තොරව වැළදගෙන තිබේ.
ඇතැම් නාලිකා ඉන්දීය ටෙලිකතා හඩකවමින් ප්‍රේක්ෂකයන්ට පෙන්වයි. අතීතයේදී එය උන්මාදයක් බවට පත්වී තිබුණි . ඒවා හරවත් ද හරසුන්ද කියාවත් නියාමනයක් නොකරමින් හුදෙක් ජනප්‍රියතාව ප්‍රේක්ෂක ආකර්ෂණය උදෙසා විකාශය කිරීමට බොහෝ නාලිකා පෙළඹී තිබුණි. ඉන්දියානු ටෙලිනාට්‍ය වල සෑම දිනකම ප්‍රශ්න හා ගැටුම් ය. කුටුම්බයේ සාමූහිකයක් ජීවත් වෙති. මාතෘ මූලික සමාජයක් නිරූපණය කරයි. එසේම කාන්තාව සෑම අවස්ථාවකදීම උසස් කොට සලකනු ලබයි. එසේම පිරිමියා බල හීන පුද්ගලයෙකු බවට පත්කර තිබේ. නැන්දම්මා ලේලි ගැටුම් වල නම් කිසිදු අඩුවක් නැත. හඩකැවූ ඉන්දියානු ටෙලිකතා වල රජවරුන්ට අන්තහ්පුරයේ ප්‍රශ්න විසදීම හැර වෙන වැඩක් නොමැත. මේ ආකාරයේ කිසිදු හරයක් නොමැති ටෙලිනාට්‍ය ලංකාවේ ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළදගෙන තිබේ.
එහෙත් දැන් ඉන්දියානු හඩ කැවූ ටෙලිකතා වලට තිබූ ජනප්‍රියතාව හීන වී යමින් නවතම ටෙලි රැල්ලකට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළ යමින් පවතී. විශේෂයෙන් ම වර්තමාන ටෙලිනාට්‍ය වල ඉළක්කගත ප්‍රේක්ෂක පිරිස තරුණ තරුණියන් ය. තාරුණ්‍යයේ උන්මාදය අභිබවා යමින් මෙම ටෙලිනාට්‍ය කා අතරත් ජනප්‍රියත්වයට පත්ව තිබේ. පාසල් යන ළමුන් පිරිසක් වටා සූක්ෂමව ගොතා ඇති මෙම කතා නිතැතින්ම ඉතා ආකර්ෂණීය ය. එහි ආකර්ෂණීය බව කොතෙක් ද කිවහොත් ප්‍රේක්ෂකයන් එම කතාව තුළම ජීවත් වේ. ඔවුන් ටෙලිනාට්‍යයට මෝහනය වී ඇත. එය ටෙලි කතාවක් යැයි කියාවත් ඔවුන්ට නිච්චියක් නැත.
යූ ටියුබ් තුළ ටෙලිනාට්‍ය නරඹා එයට තම අදහස් දක්වන පිරිස් දෙස අවධානය යොමු කිරීමේ දී මෙම ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක මනසට කර ඇති බලපෑම කෙතරම් දැයි සිතා ගත හැකිය. ප්‍රේක්ෂක මනස ඉල්ලා සිටින්නේද මෙවැනි සුරංගනා ලෝකවල අතරමං වන ටෙලිනාට්‍යයන් ය. ඔවුන් එම කතා වල නිරූපණය නිවාස යාන වාහන වලට දැඩිව ආශා කරති. "අනේ මටත් මෙහෙම නිවසක් තිබුණානම්" කියා හූල්ලති. කෑමබීම , ගමන බිමන ඇදුම් විලාසිතා වලට පෙම් බදිති. ටෙලිනාට්‍ය තුළ නිරූපිත ආකාරයට සමාජයේ හැසිරීමට තම අත ඇති සොච්චම් මුදල පවා වියදම් කරති. කුඩා ළමුන් පවා එහි නිරූපණය කරන සිද්ධි අනුකරණයට පෙළඹෙති. මිනීමැරුම්, මංකොල්ලකෑම්, පිස්තෝල තුවක්කු අමෝරාගෙන කරන රගපෑම ළමා මනසට තදින් කා වැදීමට ඇති ප්‍රවණතාව ඉහළය. මෙම ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කරන පිරිසක් ද සමාජයේ ඇත. නමුත් බහුතරයක් මෙම ටෙලිනාට්‍ය වලට දැනටමත් මෝහනය වී හමාරය. තම නාලිකාවල ජනප්‍රියතාව පිළිබද පමණක් නොසිතා ප්‍රේක්ෂකයාගේ යහපත උදෙසා හරවත් වැඩසටහන්, හරවත් ටෙලිනාට්‍ය විකාශය කරන්නේ නම් ජන මනස සිහින ලෝකවල අතරමං නොවෙනු ඇත.
මධූ ජයතිලක
Like කරන්න
ඔබේ අදහස් පහලින් comment කරන්න
තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක - https://dotgraphiclifeuok.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
Comments