top of page

‘‘ තාත්තා ”

  • Writer: Dotgraphic Life Team
    Dotgraphic Life Team
  • May 19, 2020
  • 2 min read

ree

#DotGraphicLife #Blog_Post_03 ‘‘ තාත්තා ”  දුකින් සිනාසෙන්නට සතුටින් හඩන්නට කියා දුන් තාත්තා.. පියෙකුගේ අසීමාන්තික ආදරය කැටි කර ගත් නිර්මාණශීලී වූ සංවේදී හදවත් ක`දුලෙන් තෙත් කල හැකි  හැගීම් නිරූපිත නිර්මාණයකි. සිරිදාසගේ නම් පියකු මව් සෙනෙහස අහිමි වූ පුංචි පුතා හට දක්වන සෙනෙහස කැපකිරීම, ලබා දෙන ආරක්ෂාව, දරුවා සතුටු කිරීමට දරන උත්සහය, දරුවා පමණක් ලෝකය කර ගත් ඔහුගේ ජීවිතයට ආගන්තුක ආදරයක් පැමිණි විට හැගීම් දැනීම් පසෙකලා තම දරුවාගේ ජීවිතය ගැන සිතූ ඔහු සමස්ත පියවරුන්ට ආදර්ශයකි. මැණිකක් මෙන් රක්ෂා කරන දරුවාට හානි වන කිසි දෙයක් ඔහු ඉතුරු කරන්නේ නැත. අසීමිත දරු සෙනෙහස නිසාවෙන් හිර බත් කන්නට සිදු වූ ඔහු  දින ගණන් මාස ගණන් තම පුතා පැමිණෙන්නේද යන්න ඇ`ගිලි ගණින අනපේක්ෂිත ඔහුගේ ජීවිතය පුතා මතක් වන වාරයක් පාසා ඉකි ගසන සිත, අප‍්‍රමාණ දරු සෙනෙහසට උපමා නැත. සිර ගෙය තුළ දරුවාගේ ළමා කාලයේ මතක සිහි කරමින් තම ජීවත් වන්නට එකම හේතු සාධකය වනුයේ කෙදිනක හෝ තම දරුවා පැමිණේවි යන බලාපොරොත්තුවෙනි. පුතා යැයි පැමිණි දරුවා තම පුතා බව හදුනා ගැනීමට පවතින එකම සලකුණ නොමැති වූ විට ඔහුගේ හිත කදුලින් තෙත් වන අයුරු සංවේදී ජනකය. අවසානයේ පුතා පැමිණෙන තෙක් බලා සිට අවසන් හුස්ම පොද සිර මැදිරියෙහි හෙලද්දී. පැමිණි ඔහුගේ පුතු ඔහු සිටි බන්ධනාගාරයේ අධිකාරීවරයාය. පුතෙකුගේ හැගීම් නිරූපිත ආදරයෙන් අවසානයේ කතාව නිමාවෙන්නේ ප්‍රෙක්ෂක හදවත් කදුලෙන් තෙත් කරමිනි. කලා නිර්මාණයකට පේ‍්‍රක්ෂක හදවත් කදුලෙන් තෙත් කරන්නට තරම් නිර්මාණයකට ඇති හැකියාව ප‍්‍රබලය. අති විශිෂ්ටය රංගන දායකතවය, චරිත නිරූපණය  පිය සෙනෙහස අපූර්ව අයුරෙන් නිරූපිතය. දසුන් පතිරණගේ රංගන දායකත්වය අති සාර්ථකය. ඔහුගේ  සියලූ අභිනයන් තුලින් නිරූපණය වන්නේ දෝරෙ ගලන පිය සෙනෙහසය. එක් ඇසිල්ලකින් පවා නිරූපිත අදහස් ප‍්‍රකාශනය, දෙබස් අවම බව නිහැඩියාව තුලින් මතු කෙරෙන අදහස්  ප‍්‍රකාශනය, පොඩි පුතුගේ හුරතලය, තාත්වික රංගනය, තේමා ගීතයද අප හදවත මොහොතකට සසල කරවන්නකි. පියෙකුගේ අගය, ඔහුගේ හිත තුළ හංගාගත් අසීමිත ආදරය, දරුවා වෙනුවෙන් ජීවිතය වුවද පුද කිරීමට ඇති හැකියාව මෙය නරඹන්න අප හද තුල පිය සෙනෙහස තව දුරටත් වැඞී වර්ධනය වනු නොඅනුමානය....දාරක පේ‍්‍රමය වනාහි ඇට මිදුලූ ලේ මස් නහර මත උඩු දුවන සුවකල නොහැකි  ආදරණීය හැහීම් සමුදායක් බව නිරූපිතය. රාජිනී නිසංසලා ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න Dot Graphic Life ජීවිතේ හරියට design කරගන්න Follow කරන්න blog එක - Dot Graphic Life  Like කරන්න අපේ Facebook page එක - Dot Graphic Life

Comments


Join our mailing list

Thanks for submitting!

© by Aseemanthika Media House 2020

bottom of page