top of page

කොරෝනා සමග සුභවාදී වෙමු.......

  • Writer: Dotgraphic Life Team
    Dotgraphic Life Team
  • May 19, 2020
  • 2 min read

#DotGraphicLife #Blog_Post_02 කොරෝනා සමග සුභවාදී වෙමු.......

චීනයේ වූහාන් වලින් ආරම්භ වී ලෝකයේ රටවල් පුරා පැතිර ගිය කොරෝනා වෛරසය වර්තමානයේ කාගේත් කතාබහට ලක් වුණු ප‍්‍රමුඛතම මාතෘකාව බවට පත් වී තිබේ. බහුතරයක් ආසාදිතයන් කිරීමටත් අවාසනාවන්ත ලෙස බොහෝ දෙනෙකුට දිවි අහිමි කිරීමටත් සමත් වී ඇති මෙම වෛරසය හේතුවෙන් සෑම රටකම ආර්ථිකය ඇතුලූ සමස්ථයම අඩපණ වී ඇත. කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවටද බලපෑම් එල්ල වී තිබේ. බොහෝ දෙනෙකුට එදිනෙදා ජීවනෝපාය අහිමි වී තිබේ. පාසල් විශ්වවිද්‍යාලය වසා දමා ඇත. මෙවැනි ගැටළුකාරී දෑ අතර කොරෝනාව හේතුවෙන් සුභවාදී පැතිකඩක් ද කරලියට පැමිණ තිබේ. මූලිකවම අද ලංකාවේ බොහෝ දෙනෙකු වගා සංග‍්‍රාමයට දායකත්වය ලබා දී ඇත. තම ගෙවත්තේ ඉඩ තිබෙන ආකාරයට සුළුවෙන් හෝ තමන්ට ප‍්‍රයෝජනවත් වන එළවළු පළතුරු වගා කිරීමට පෙළඹී ඇත. ගමේ ජීවත්වන ජනතාව පමණක් නොව, නාගරික ජනතාවද වගා කිරීම ආරම්භ කිරීම සතුටුදායක දෙයකි. එසේම මිනිසුන්ගේ ආහාර රටාවද වෙනස් වී තිබීම සුභවාදී ප‍්‍රතිඵලයකි. අතීතයේ සිටි අපගේ මිනිසුන් සිංහල බෙහෙත් සදහා මුල් තැන ලබා දී තිබුණි. ඉගුරු-කොත්තමල්ලි, වෙනිවැල්ගැට ඒ  අතර බහුලව ප‍්‍රයෝජනයට ගත් ඖෂධීය පානයන් වේ. ඇගේපතේ රුදාවට, උණ හෙම්බිරිස්සාවක් සෑදුණු විට මෙම බෙහෙත් මගින් සුව කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි.  තාක්ෂණය දියුණුව හා වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග බොහෝ දෙනෙකු ඉංග‍්‍රීසි වෛද්‍ය ප‍්‍රතිකාර වෙත සමීප විය. නමුත් කොරෝනා වසංගතය මගින් නැවතත් අපට හෙළ ඖෂධ සිහිපත් විය. ඒ මන්දයත් කොරෝනාවෙන් යම්තාක් දුරකට හෝ ආරක්ෂා වීමට කොත්තමල්ලි වෙනිවැල්ගැට වැනි පානයන්ට හැකියාව ඇති බව අනාවරණය වීමත් සමගය. 

‘‘අපෝ මේ මොනවද. ඊයා” 

ලෙස හෙළ ඖෂධ පහත්කොට කතා කළ පොෂ් උදවිය පවා අද ඒවා හොය හොයා බීමට ගන්නා තත්වයට පත්ව තිබේ. 

ආහාර රටාවද වෙනස් වී ඇත. තුන්වේලටම කඩවලින් තෙල් කෑම පිටිකෑම සෞඛ්‍යයට අහිතකර ආහාර අනුභව කළ පිරිස් ඒවාගෙන් ඈත්ව නිවසේදී පිසගන්නා ආහාර කොස් පොළොස් මැල්ලූම් අල බතල ආදිය අනුභවයට හුරු වී ඇත. මෙය සැබෑම වෙනසකි. සෑම දෙයක්ම පිටරටින් ආනයනය කළ පිරිස් අදවන විට ලංකාව තුළ නිෂ්පාදන කාර්යයට පෙළඹී ඇත. නව නිර්මාණවලට අතීතයේදී ඉඩ අවකාශය යොමු වීම අවමව තිබුණු යුගය අවසන්ව වර්තමානයේ නව නිර්මාණ, ලංකාවේ මිනිසුන්ගේ නිර්මාණශීලී චින්තනය කරලියට පැමිණ තිබේ. කොරෝනා වෛරසය තව කොපමණ කාලයක් තිබේදැයි කිව නොහැක. නමුත් කොරෝනාව හේතුවෙන් අපට නිවසට කොටු වී සිටිය නොහැක. සෑම විටම අප ඍණාත්මකව නොව මේ පිළිබද ධනාත්මකව සිතිය යුතුය. සෞඛ්‍ය නිලධාරීන් ත‍්‍රිවිධ හමුදාව පොලීසිය සෑම සියලූ දෙනාම දිවා ? නොබලා කැප වන්නේ අප නිසාය. ලංකාවේ මිනිසුන් වෛරසයයෙන් ආරක්ෂා කර ගැනීමටය. එබැවින් ඔවුන් දෙන උපදෙස් අප අකුරටම පිළිපැදිය යුතුය. මීටරයක දුරින් සිටිම, නිතර දෙ අත් පිරිසිදු කිරීම, මුඛ ආවරණ පැළදීම, සෙනග රැුස් නොවීම යන උපදෙස් අනිවාර්යයෙන් පිළිපැදිය යුතුය. එය අපගේ සෞඛ්‍යයටද නිරෝගී ජීවිතයක් ගත කිරීමට ඉවහල් වේ. එසේම ඒ අතර අපගේ එදිනෙදා වැඩ අතපසු නොකළ යුතුය. උසස්පෙළ ශිෂ්‍යත්ව විභාග වලට මුහුණ දෙන සිසුන් කොරෝනාව ගැන සිතමින් පසුතැවිලි වෙමින්  විභාග කල් යයිදෝ සිතමින් කාලය කා දමන්නේ නැතිව තම ඉගෙනීම් කටයුතු වල නිරතවීම වැදගත් වේ. සෑම විටම පියවරකින් හෝ ඉදිරියට යාමට අප වග බලා ගත යුතුය.ඒ සියල්ල අතර අපගේ මානසික සෞඛ්‍ය කෙරෙහිද විමසිලිමත් වීම වැදගත් ය. නිරන්තරයෙන් සැහැල්ලූ මනසක් තබා ගැනීමට කටයුතු කළ යුතුය. මේ ආකාරයට අප ධනාත්මකව චින්තනයෙන්, අවබෝධයෙන් කටයුතු කළහොත් අප සිටින තත්වයට වඩා පියවරක් හෝ දියුණුව කරා යාමට හැකියාව ලැබේ. 


මධූ ජයතිලක


ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න

Dot Graphic Life

ජීවිතේ හරියට design කරගන්න

Follow කරන්න blog එක -  Dot Graphic Life

Like කරන්න අපේ Facebook page එක -  Dot Graphic Life 

Comments


Join our mailing list

Thanks for submitting!

© by Aseemanthika Media House 2020

bottom of page