බඩගින්නට මැටි කන හයිටියේ ඛේදාන්තය
- Dotgraphic Life Team
- May 19, 2020
- 2 min read
බඩගින්නට මැටි කන හයිටියේ ඛේදාන්තය

කැරිබියානු කලාපයේ පිහිටා ඇති හයිටි රාජ්‍ය ලොව දිළිදුම රාජ්‍යයන් අතරින් එකකි. 2010 සිදුවූ භූමිකම්පාව නිසා සිදුවූ විනාශයෙන්ද තවමත් යථා තත්ත්වට පත් වී නොමැත. හයිටි රාජ්‍යයේ ජනතාව වසර ගණනාවක සිට මැටි අහාරයට ගන්නා බව ඔබ විශ්වාස කරනවද? මැටි සකස් කර අව්වේ වියළා ගෙන අහාරට ගනු ලබයි. එය වර්තමානයේ ඉතා ප‍්‍රචලිත ආහාරයන් බවට පත්ව තිබේ. මෙය මැටි කේක් ලෙස ඔවුන් හදුන්වනු ලබයි. මේ තරමටම හයිටියේ අහාර හිඟය දරුණු වී තිබේ. මුල් කාලීනව ගැබිණි මව්වරුන් වෛද්‍ය අනුමැතියකින් විද්‍යාත්මකව සනාථ නොකළ, ඇතැයි කියා විශ්වාස කරන කැල්සියම් පෝෂණය ලබාගැනීමට මෙම මැටි කේක් අහාරට ගෙන තිබේ. පසුව ක‍්‍රමයෙන් එය සියල්ලන් අතරම ව්‍යාප්ත වී තිබේ. ප‍්‍රධාන අහාරය බවට පත්ව තිබේ. කාන්තාවන් කදුකරයෙන් රැුගෙන එන මැටි වලට ලූණු හා ජලය එක්කර හොදින් අනා රොටී ආකාරයෙන් සකස් කරනු ලබයි. ඉන්පසු ඒවා අව්වේ තබා වියළා ගනී. නොදන්නා අයෙකු දකින විට සිතන්නේ මේ කාන්තාවන් මැටියෙන් යම් නිර්මාණයක් කරනු ලබන බවයි. නමුත් ඔවුන් ඒ නිර්මාණය කරන්නේ උදේ දිවා ? ඔවුන්ගේ කුසගිනි නිවන අහාරයයි. මෙම මැටි ආහාරට ගැනීම නිසා මෙම ජනයා විවිධ සංකූලතාවන්ට ද ලක්වී තිබේ. විශේෂයෙන් අත්‍යාවශ්‍ය පෝෂණය නොලැබීම නිසා කුඩා දරුවන්ගේ සිට මහල්ලන් දක්වා සියල්ලන්ම කෙසඟ සිරුරු වලට උරුමකම් කියයි. විශේෂයෙන් ඉදිරියට නෙරා ආ උදරය සහිත කුඩා දරුවන් නිරන්තරයෙන් දැකිය හැකිය. ඒ මැටි කේක් වල අනිසි පෝෂණයේ ප‍්‍රතිපලය. හයිටි පාලන තන්ත‍්‍රයට ද පාලනය කරගත නොහැකි තරමට අහාර අර්බුධය දරුණු වී ඇත. මෙම තත්තතවට ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී ඇති ගැටළුවකි. නමුත් මෙලෙස මැටි ආහාරයට ගැනීම හයිටියෙන් පමණක් දක්නට ලැබෙන දුර්ලබ අවාසනාවන්ත තත්ත්වයකි. දවසින් දවස ජනගහන වර්ධනය හා අහාර හි`ගය තව තවත් හයිටිය දුර්වල කරනු ලබයි. ආහර අර්බුධය හේතුවෙන් හයිටිය පුරා කැරළි අරගලද සුලබ වී ඇත. කිසිදිනක කේක් ඇහින් දැක නැති හයිටි ජනයා කුසගින්න වෙනුවෙන් මැටි කේක් අහාරයට ගනිමින් ජීවිතය රැුකගැනීමට අසීරු අරගලයක යෙදී සීටී. Dot Graphic Life ජීවිතේ හරියට design කරගන්න Follow කරල එකතුවෙන්න අපේ blog එකට Like කරන්න අපේ Facebook page එකට Dot Graphic Life
Comments