වර්තමාන මංගල ඡායාරූපකරණයේ ඛේදනීය තත්ත්වය
- Dotgraphic Life Team
- May 19, 2020
- 3 min read

#DotGraphicLife #Blog_Post_04 වර්තමාන මංගල ඡායාරූපකරණයේ ඛේදනීය තත්ත්වය අතීතයේ ඡුායාරූපකරණය බොහෝ සෙයින් දුෂ්කර වූද සමාජයේ පිරිසකට පමණක් සීමා වූ ද කලාවක් පැවතින. පසුව තාක්ෂණයේ දියුණුවත් සමග මෙය සාමාන්‍ය ජනයා අතට පත්වීම එක් අතකින් භාග්‍යයක් මෙන්ම තවත් අතකින් අභාග්‍යසම්පන්න සලකුණු විවර කර ඇති අවස්ථාවකි. වර්තමානයේ ඡුායාරූප ශිල්පීන් බොහෝමයකි. නවීන පන්නයට ඩිජිටල් තාක්ෂණයත් සමඟ කැමරාවක් මිලදී ගැනීමට හැකියාවක් ඇති සෑම කෙනෙකුම කැමරා ශිල්පියෙකු ලෙස හඳුන්වා ගනිමින් මුදල් ඉපයීමට පටන් ගෙන ඇත. නමුත් බොහෝ විට අතීතයේ ඡුායාරූප ශිල්පය වෘත්තියක් වශයෙන් තෝරා ගත් පුද්ගලයෝ එ් සම්බන්ධව මනාව හදාරා ප‍්‍රගුණ කළහ. මනසත්, ඇසත්, දැක්මත් නිසි ලෙස හැසිර වූහ. වර්ණ භාවිත, අනාවරණ පාලනය, ආලෝකය හැසිරවීම, නිර්මාණය කිරීම ඇතුළු බොහෝ දේ ඔවුන් ප‍්‍රගුණ කළෝය. අවාසනාවකට මෙන් අද බිහිවන බොහෝ ශිල්පීහු මේ කිසිවක් පිළිබඳ සැලකිල්ලක් නොදක්වයි. මන්ද ඔවුන්ගේ පරමාර්ථය ලාභය පමණක් වන හෙයිනි. ඡුායාරූප කලාව යනු සෞන්දර්යාත්මක මෙන් ම කලාත්මක විෂයකි. එකී කලාව තුළ අද වන විට ධනයෝපන මාර්ගයක් බවට පෙරලා ඇති මංගල ඡුායාරූපකරණය උදෙසා ඡුායාරූප ශිල්පීන් බිහිවන්නේ හතු පිපෙනවා වාගේ ය. අද වන විට මංගල ඡුායාරූපකරණය සඳහා පිවිසෙන බොහෝ ශිල්පීන් ප‍්‍රවීණ ශිල්පියෙකුගේ සහයට පැමිණ කෙටි කලක් යත්ම ඉන් වෙන්වී ඡුායාරූපගාරයක් විවෘත කරයි. ඉන් නොනැවතී තමාට දරාගත නොහැකි අන්දමේ මුදලක් වැය කරමින් එ් සඳහා උපකරණ ලබා ගනී. නමුත් එ්වා පරිහරණය පිළිබඳ ඔවුන්ට ගැටලූ නැතුවාම නොවේ. නමුත් ඔවුන් එම කලාව නිසි ලෙස ප‍්‍රගුණ නොකිරීම මත අද වන විට මංගල ඡුායාරූපකරණය කාම සූත‍්‍රා මංගල ඡුායාරූපකරණයක් බවට පරිවර්තනය වී හමාරය. මෙය හුදෙක් ඡුායාරූප ශිල්පීන්ට පහර ගැසීමක් නොව. නමුත් සිතදුවෙමින් පවතින දේ මේ බව දැන්්විය යුතුවෙයි. වෙනසක් බලාපොරොත්තු වන සියලූ තැන් අතර මනාල යුවලට අවශ්‍ය වන්නේද වෙනස් වු ඡුායාරූප බවයි ඔවුන් දක්වනුයේ. .එ් අනුව ඡුායාරූප ශිල්පීන් ද හැඩ ගැසී ඇත්තේ විටෙක හරසුන් ඡුායාරූප රූගත කිරීමට ය. මන්ද මනාලිය ඉදිරියේ දත්මිටි කාගෙන උඩ පනින මනාලයා දෙස විමතියෙන් බලා සිටී. එය අද මංගල ඇල්බමයක සුලබව දැකගත හැක. උඩ පැනීමෙන් තොරව මංගල ඡුායාරූපයක් අද මංගල උත්සවවල නැතිතරම්ය. විටෙක රාත‍්‍රි ඇඳුමෙන් සැරසුණු මනාලියට මල් කලඹ ලබාදී දෙවැනි මනාලියක් සමඟ ලබාගන්නා ඡුායාරූප තුළින් බලාපොරොත්තු වනුයේ කලාත්මක නිර්මාණයක් ද යන්න ගැටලූවකි. එය පෙර සඳහන් කළ කාමසූත‍්‍ර මංගල ඡුායාරූපකරණයක් ද යන්න නොපැහැදිලිය. එපමණක් නොව අනුරාගී ලෙස සිප වැළඳ ගැනීම් සඳහා ඡුායාරූප ශිල්පියා උපදෙස් ලබා දෙනු ඇත. අප රටේ සංස්කෘතිය තුළ මෙවැනි හරසුන් බොළඳ ඡුායාරූප වැලඳගැනීම් යම් තැනකදී විදේශිකයන් සතු දෑ වැලළඳ ගැනීම් ද යන්න ගැටලූවකි. එය එසේ නම් ඔවුන් සතු ඕනෑම අමන ක‍්‍රියාවක් වුවද තමන් ද වැළඳ ගැනීමට සූදානම් බව තහවුරු වනු ඇත. මංගල දිනය තුළ මනාල යුවළ අද වන විට වැඩිමනක් වියපැහැදම් කරන කර්තව්‍ය වන මංගල ඡුායාරූපකරණයේ ගරුත්වය නැති කරන අවමංගල ඡුායාරූප ශිල්පියෝ ද නැතුවාම නොවේ. එය වර්තමාන මංගල ඡුායාරූපකරණයේ ඛේදනීය තත්ත්වය ද යන්න සැක පහළ වනු ඇත. එදා මෙන් නොව අද මංගල ඡුායාරූපකරණය සඳහා වියපැහැදම් කරන මනාල යුවළගේ ඇල්බමය පුරාවට විශේෂයෙන් මනාලියගේ හිසේ සිට දෙපතුල දක්වා සමීප ඡුායාරූප සුලබය. නමුත් ඔවුන් මේ වන තුරු හැදු වැඩු දෙමාපියන් ඥාතීන් සඳහා ලැබෙන ඉඩකඩ ප‍්‍රමාණය පිළිබඳ විටෙක සෑහීමක් නොමැත. මන්ද වර්තමානය වනවිට සංවේදී බුද්ධිමතුන් ඇත්තේ සීමිත ප‍්‍රමාණයකි. මෙය මෙසේ ලියනුයේ කිසිසේත්ම ඡුායාරූප ශිල්පීන්ට පහරදීමකට නොව. නමුත් අද දවසේ සිදුවී ඇති ඛේදනීයත්වය එය වන බැවිනි. කෙසේ හෝ ප‍්‍රවීණ හෝ වේවා ආධුනික හෝ වේවා යම් තරමකට මංගල ඡුායාරූප ශිල්පීන් තම වෘත්තීයේ ගරුත්වයත් එහි වටිනාකමත් රැුකගෙන ක‍්‍රියාකරන බවද අප දකී. නමුත් ධන උත්පාදන ක‍්‍රියාවක් වන මේ සඳහා පෙළඹෙන ඔබ අප සියලූ දෙනාගේ වගකීම සංවේදී බුද්ධිමතුන් පිරිසකට නිසි ලෙස සාධාරණත්වයක් ඉට ුකිරීමයි. සචිනි කේ ගුණරත්න ©️ #DotGraphic @ Sachini K Gunarathna Like කරන්න ඔබේ අදහස් පහලින් comment කරන්න තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න Dot Graphic Life ජීවිතේ හරියට design කරගන්න Follow කරන්න blog එක - https://dotgraphiclifeuok.blogspot.com/ Like කරන්න අපේ Facebook page එක - https://www.facebook.com/dotgraphiclife/
留言